වරින් වර මට යටගියාව මතක් වේ. මගේ ජීවිතය පුදුමාකාර සිදුවීම් ගොන්නක් වගේ කියල දැන් මට හිතෙනවා. ඒ ඔක්කොම චිත්‍රපටියක දර්ශන වගේ මා ඉදිරියේ මැවී පේනවා. ජීවිතේට අරමුණක් නොමැතිව මා මේ මොහොතේ බලා හිඳිනවා. එහෙත් මා සතු අරමුණු ගොන්නක් ඇත. ඒ සියලු දේ මා කෙසේ හෝ ඉටු කරගත යුතුව ඇත. නමුත් මා මේ කතාව කොහේ හෝ ලියා තැබිය යුතුය.
''බිත්ති පුරා ඔබේ සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි'' මා ප්‍රිය කරන ගීතයක කොටසක් ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා මට ඇහුනා. මේ මොහොත වනවිට මා සතු සියලු බලාපොරොත්තු සුන්වී පැවතියද මා නැවත ඒ සියල්ල ඇති කර ගත යුතුය. ඒ හුදෙක්ම මාගේ දෙමව්පියන් වෙනුවෙනි. අවසානයේ මට කවුරු නැතත් සිටින්නේ ඔවුන් පමණි.
මගේ හිත දැන් කල්පනා ලෝකයකින් වසාගෙන ඇත. කතාව කොහෙන් පටන් ගන්නද කියා මටම හිතාගන්න බෑ. තවම මගේ කතාව අවසන් වී නොමැත. ඒත් එය සතුටුදායක එකක්ද දුක්බර අවසානයක්ද යන්න දැන්ම මට කිව නොහැක. මෙය මගේ ජීවිතේ එක් පරිච්ඡේදයක් පමණි. එය මගේ සම්පූර්ණ කතාවම නොවන්නේය. එසේ සිතා මා මාගේ සිතම රවටා ගන්නට හැදුවත් මේ මොහොත තුල එය මාගේ සම්පූර්ණ කතාව ලෙසම මට හැඟෙයි. කවදා හෝ ඉතා සාර්ථක පුද්ගලයෙකු වී අම්මාට හා තාත්තාට ආඩම්බරයක් ගෙනත් දීම මාගේ සිහිනයකි. එය මම කවදා හෝ ඉටුකරමි.
විශ්ව විද්‍යාලය ළඟදීම පටන් ගනු ඇත. ඊට පෙර මා සියල්ල ලියා තැබිය යුතුය. මා තුන් වතාවක්ම උසස් පෙල කලෙමි. පළමුවර BCC ලෙස මාගේ ප්‍රතිඵලය සීමා විය. නමුත් දෙවන වර AAC ලෙස මම හොඳ ප්‍රතිඵලයක් ලැබුවෙමි. නමුත් වෛද්‍ය විද්‍යාලයට කුඩා කළ මා තුල වූ ආශාව නැතහොත් මාගේ මවගේ එකම බලාපොරොත්තුව වූ නිසා මා තුන්වන වරටත් විභාගය කලෙමි. නමුත් අවාසනාව නිසාදෝ මාගේ තෙවන වර ප්‍රතිඵලය ACC විය. මා මේ සියල්ලම පිලිවෙලකට ලිවිය යුතුය. මා රචකයකු නොවෙමි. නමුදු මාගේ කතාව මා ලිවිය යුතුය.
කතාවට නමක් මට සිතාගත නොහැක. නමුත් එය මාගේ කතාවයි. මම ඇයට සියල්ල අවසන් බව පැවසුවද ඇයගේ මතකයන්ගෙන් මාගේ සිත තවමත් පිරී පවතී. ''ආශි'' නම මතක් වන විටද මාගේ හදවතේ ගැඹුරින් සියුම් රිදුමක් පටන් ගෙන මතුපිටට පැමිණෙන බව මට දැනේ. මා සිතුවේ ආශි කවදා හෝ මාගේ ජීවිතයට සතුට රැගෙන යලි එන බවයි. ඇයට සියල්ල අවසන් බව පැවසුවද මෙය අවසානයක් නොවන බව මට ඉතා විශ්වාසය. සමහරවිට කවදා හෝ මා මිය යන්න මොහොතකට හෝ පෙර ආශි යලි පැමිණෙනු ඇත.
අම්මා තවමත් ලෙඩ ඇඳේය. නමුදු ඇයගේ තුවාලය දැන් බොහෝ දුරට සනීප වී ඇත. තව ටික දිනකින් මවට නැවතත් ඇවිදින්න පුලුවන් වේවි. රාත්‍රිය එළඹ ඇත. අම්මාට good night කියා ඇගේ මුහුණ සිඹ මා යලි කතාව කියන්නට පැමිණේ. කතා කියන එක ගැන කියනකොට මට මතක් වෙන්නේ හැමදාම රෑ මං ආශිට මගේ ඇඟිලි ගෙවෙනකන් කතා type කර facebook එකට යැවූ හැටිය. නමුත් මා අන්තිමට ලියූ කතාව අවසන් කරන්න මට හැකි වූයේ නැත. ඒ ඇය මට හැමදාටම නැතිවන බව දැන ඈ ළඟටම වී කතා කීම මහත් වූ වේදනාවක් වූ බැවිනි. ආශි, තාම ඒ පුංචි කෙල්ලට කිසිත් නොතේරේ. ඇය තවම සිටින්නේ ඇගේ ළමා ලෝකයේය. වෙලාවකට මටත් එහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද...!
කතාව පටන් ගන්න සුදුසුම තැන මා පලමු වර විභාගය කළ කාළයයි. එහෙනම් මම එතැන සිටන් පටන් ගන්නම්. නමුත් ඊට පෙර මා තෙවන වර විභාගයට පෙනී සිටි දවසේ වූ සිදුවීමක් පූර්විකාව කොට ගන්නට සිතේ.
''අඩෝ මේ පාර නම් කොහොමහරි මෙඩ්ඩ යන්න ඕනෙ බං. නොගියොත් ඉතින් වහකන්න තමා වෙන්නෙ. ගියපාර ගියෙත් නෑ. අපිත් එක්ක හිටපු උන් හැම එකාම ගියා. අපිට විතරයි බං යන්න බැරි වුණේ. මේ පාර කොහොමහරි ගේම දෙමු බං'' මම වාහනය පදවමින් සිටි කසුන්ට කිව්වෙමි. ඌ Miley Cyrus ගේ ගීතයක් රසවිඳිමින් වාහනය පදවයි. කසුන් ගීතයේ ශබ්දය අඩු කර මට උත්තර දෙන්න ගත්තා. ''ඔව් යකෝ මෙඩ්ඩා යන්නැතුව මොන මගුලක් කරන්නද. මේ පාරත් නොගියොත් වටේ පිටේ ඉන්න එවුන් නිකන්ම අපිව චාටර් කරල දායි බන්'' කසුන්ටත් වෛද්‍ය විද්‍යාලෙට තේරෙන්න මටත් වඩා උවමනාවක් තිබුනා.
ඔය විදියට අපි **** සර්ගෙ electronic seminar එකට ගියා. ඇත්තටම **** සර් තමයි මම යන්න හිටපු පාර වෙනස් කලේ. Medicine වලින් තොර ලොවක් නොතිබුන මට මුලු ජීවිතයම එය නොවන බව පෙන්වා දුන්නේ **** සර්ය. අසේල සර්ගේ ඔවදන් මත මට හදිස්සියෙන්වත් medicine යන්න නොහැකි වුණොත් තොරතුරු තාක්ෂණ අංශයෙන් විශ්ව විද්‍යාලයට යන්නට මා සිතාගත්තා.
''අම්මෝ යන්තම් chemistry ඉවරයි බං. දැන් ඉතින් නිදහසේ ඉන්න පුළුවන්'' ඒ කසුන්ගේ හඬය. මා ක්‍රියා විරහිතව තිබූ මගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක කළා.
''කාලෙකට පස්සෙ බං phone එක on කලේ. විභාගෙ ඉවර වෙනකල් මම මේ මගුල off කරලයි තිබුනෙ''
''වරෙන් යන්න අද හොඳ බුරියානි පාරක් දාන්න ඕනෙ. තුන් පාරක්ම විභාගෙ කරලා අන්තිම දවසෙ full fun එකක් ගන්න ඕනෙ''
''යං, Colombo campus එක ළඟ නියම කඩයක් තියෙනවා ඒකෙන් කමු. ටොමාවත් සෙට් කරගෙන යං බං ඌට අද lectures තියෙනවනෙ''
ඉතින් මං phone එක on කළා. මෙන්න එකපාරටම sms ගොඩක් ඇවිත්.
''අයියා විභාගෙ කොහොමද? මම ඔයා paper එක ලියනකම් church එකේ pray කර කර හිටියෙ ඔයාට විභාගෙ ලේසි වෙන්න කියලා''
''ම්ම්ම්ම්ම්ම්........අනේ මන් දා ආශි. paper එක මාර දිගයිනෙ. මට සමහර ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙලා මදි වුණා. අනේ මන්දා මොනව වෙයිද කියලා. Results out වුණාට පස්සෙම තමා බලන්න ඕනෙ''
''මොනාද බං ඔය කොටන්නෙ විභාගෙ ඉවර උන වෙලාවෙ ඉඳලා'' ඒ කසුන්ගෙ හඬයි.
''නෑ බං මේ පොඩි කෙල්ලෙක්. විභාගෙ කොහොමද කියල අහනවා''
''මොනාද යකෝ බාල අපරාද කරන්නෙ. ඔය චූටි ඇට කෙල්ලො දාගෙන''
''මං ඒකිව දාගෙන නෑ බං. නිකන් message කරනවා''
ඉතින් අශීට පෙර සිදු වූ සිදුවීම් වලට නැවත පිවිසෙන්නට මේ කාලයයි. ඇය කොළඹ උසස්ම බාලිකා පාසලක ඉතා ජනප්‍රිය සිසුවියකි. ඇයගේ මව උසස් පෙල ගුරුවරියකි. පියා වෛද්‍යවරයකි. මම ඇයව මෙතන් සිට සජී ලෙස හඳුන්වන්නම්. ඉතින් වර්ශය මීට අවුරුදු පහකට පමණ පෙරය. මම අප පාසලේ විද්‍යා සංගමේ තනතුරක් දැරූ නිසා බාලිකා පාසල් වල විද්‍යා දින වලට සහභාගී වීමට අපට නිතර ආරාධනා ලැබෙනවා.
''අඩෝ අර ඉන්නෙ president. පට්ට කෑල්ල නේ. බලපන්කො සුද. ඔන්න මචෝ try කරනව නම් කෑලි. ඕන එකක් කියල උඹ බැහැපන් ඕකිට'' සිතුම් කිව්වා.
''ඕකිට කොහෙ බහින්නද යකෝ. ඕකිට *** එකේම කොල්ලො සීයක් විතර බහිනවා. අනික පට්ට හැන්ඩි කොල්ලොත් ඕකිට බහින එකේ මං කොහෙ බහින්නද'' මම සිතුම්ට කිව්වා.
''එහෙම නෙමේ බං. ඕකිට කලින් කොල්ලෙක් ඉඳලා නෑ. උඹ බැහැපන්. අනික ඒකි කැමතිත් උඹ වගේ bright case වලට තමා''
''හ්ම් බලමුකො'' මම කතාව අවසන් කළා.
සිතුම් අඳුරන බාලිකාවන් කිහිප දෙනෙකු සිටිනු දැක ඒ දෙසෙට පිය නගද්දී මා, අසල තිබූ ගල් බැම්මක් මත වාඩි වුණෙමි. පිටුපසින් කෙනෙකු පැමිණ මට තට්ටු කරන බව දැනී මා ඒ දෙසට හැරුනෙමි. සජී!!! **** science club එකේ president. දැන් ටිකකට කලින් සිතුමා මට බහින්න කියපු කෙල්ල. දෙවියනේ මගේ ළඟට ඇවිත් මගේ පිටට තට්ටු කරනවා.
''Excuse me!!! මේ ඔයාලගෙ president කෝ? එයා කිව්වා ඕගොල්ලන්ගෙ quiz එකට අපිට invite කරනවා කියලා. ඒත් එයා නැති නිසා මං ඔයාගෙන් ඇහුවෙ'' සජී පැවසුවාය. මොන තරම් මිහිරි කට හඬක්ද. මම සජීගේ ඇස් දිහා බැලුවා. තාමත් ඒ මොහොත මට අද වගේ මතකයි. ඒ ඇස්...කාලයක් මාව පිස්සු වට්ටපු ඇස්...මොනතරම් ලස්සන කෙල්ලෙක්ද. වැඩිය උස මහතත් නෑ. මාර සුදුයි. නිකන් Indian කෙල්ලෙක් වගේ. මම එයාට පිලිතුරු දෙන්න හැදුවත් වචන පිට වුණේ නෑ.
''මොකෝ කතා නැත්තෙ? ඇයි නිකන් බය වෙලා වගේ මං දිහා බලන් ඉන්නෙ? ඔයාට මොකක් හරි අසනීපයක්ද?''
''ම්ම්ම්...මේ නෑ. එයා ටිකකට එළියට ගියා. මං මේ....එයා ආවම කියන්නම්....'' මට ගොතගැහුනා.
''අයියෝ අද නම් මට sure නෑ එයත් එක්ක කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මට day එකේ organizing වැඩ බලන්න තියෙනවනෙ. ඒ නිසා එයාට මේ number එක දෙන්න. දීල කියන්න මට call එකක් දීලා details දෙන්න කියලා'' ඇය එසේ කියා නැවතත් මා දෙස බලා සිනාසී පිටව ගියා. මම සිදුවූ සියලු දේ සිතුම්ට කිව්වා.
''මචං මම නෙමෙයි උඹම ඒකිට text පාරක් දාල බලපන්. ඒකිටත් සමහරවිට උඹ දැක්කම මොකද්ද මොකද්ද වෙන්න ඇති. නැත්නම් බං නිකන් ඉන්න කොල්ලන්ගෙ පිටට තට්ටු දාලා numbers දීලා යයිද බං'' සිතුමාගේ ප්‍රතිචාරය වුණේ ඒකයි.
දින කීපයකට පසු මම සජීට කෝල් එකක් ගත්තා.
''Hello'' ඇයගේ කටහඬ යලි ඇසීමෙන් මම ඉතා උද්‍යෝගයට පත්වුණා.
''මේ මාව ඔයා දන්නෙ නැතුව ඇති. අර එදා ඔයා...මට අර....science day එක දවසෙ ඔයාගෙ number එක දුන්නෙ සිතුම්ට දෙන්න කියලා'' මම අමාරුවෙන් වචන කිහිපයක් ගැටගසා ගත්තෙමි.
''ආ මේ තිවංකද?''
''ඔයා කොහොමද මගේ නම දන්නෙ?''
''ආ ඒකද? එදා ඔයා වාඩි වෙලා ඉන්න වෙලාවෙ මට මගේ යාලුවෙක් තමා ඔයාව පෙන්නුවෙ. එයා ඔයාල යන bio class එකට එනවා. ඔයා එයාව දන්නෙ නැතුව ඇති. එයා තමා මට කිව්වෙ ඔයා මාර bright කියලා. ළඟදී ඔයාලගෙ class එකේ test එකක් තිබිලා ඔයාට නේද වැඩිම ලකුණු තිබ්බේ. සර් කිව්වලු නේද ඔයයි ඔයාගෙ අනිත් යාළුවො තුන් දෙනයි පළවෙනි පාරම medicine යනව කියලා''
සජී තොරතෝංචියක් නැතුව කියවගෙන ගියා. මම ඇයට කියන්න ඉඩ දී ඇගේ කතාව අසා සිටියා. මෙසේ අප නොබෝ දිනකින්ම හොඳ මිතුරන් බවට පත්වුණා. සජී එයාගෙ හැමදෙයක් ගැනම මට කිව්වා.
''තිවංක ඔයාට ගර්ල් කෙනෙක් ඉඳලම නැද්ද?'' එක දවසක් සජී මගෙන් ඇහුවා.
''නෑනෙ. ඇයි එහෙම ඇහුවෙ? ඔයාට කොල්ලෙක් ඉඳල තියෙනවද?''
''අපෝ නෑ, නිකන් ඇහුවෙ. මට නිකන් හිතෙනව අපි දෙන්නා කාලාන්තරයක් තිස්සෙ අඳුනන දෙන්නක් කියලා. අපි දෙන්නා මෙහෙම ළං වුණේ මොකක් හරි විශේෂ දේකට කියල මට හිතෙනවා. ඒත් මට ඒක කියාගන්න තේරෙන්නෙ නෑ'' සජීගේ මේ කතාවත් එක්කම මගේ ඇඟට අලුත් ජීවයක් ආවා වගේ දැනුණා. මම මේක තමයි නියම වෙලාව කියල හිතලා එයාට මගේ හිතේ තිබුන ආදරය කියන්න හිතාගත්තා.
''සජී මං දෙයක් අහන්නම් ඔයා තරහ වෙන්න එපා. ඔයා මට කැමතිද?''
''අනේ තිවංක......ඇයි මේ එකපාරටම. exam එකයි affair එකකුයි දෙකක් එකපාර කරන්න මට බෑ අනේ''
''ම්ම්ම්......කමක් නෑ. ඒ කියන්නෙ ඔයා මට අකමැතියි''
''අකමැත්තකට නෙමෙයි අනේ. මම කැමතියි. ඒත් මට දෙකක් එකපාර කරන්න බෑ''
''මට සමාවෙන්න මේ කලබලේ ඔයාගෙන් ඒ වගේ දෙයක් ඇහුවට. ඒ වුණාට මම ඔයාට කියාගන්න බැරි තරම් ආදරෙයි''
''අනේ මගෙන් සමාව ඉල්ලන්න එපා බබා. මාත් ඔයාට කැමතියි. ඒත්......''
''ඒත් මේත් නෙමෙයි. එහෙනම් එක පාරක් කියන්න මට ආදරෙයි කියලා''
''ආදරෙයි ආදරෙයි ආදරෙයි!!! මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි. ඇත්තටම ඔයා එදා අර බැම්මක් උඩ වාඩි වෙලා හිටියෙ. අන්න එදා තමා මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒත් ඉතින් මං කෙල්ලෙක්නෙ. මං කොහොමද ඉස්සර වෙන්නෙ. මං මෙච්චර කල් බලන් හිටියෙ ඔයාගෙන්ම ඕක අගහන්න තමයි බබා. හැබැයි මට පොරොන්දු වෙන්න ඕනෙ ඔයා මං නිසා studies පාඩු කරගන්නෙ නෑ කියලා. අනික ඔයා මේ පාරම medicine යන්න ඕනෙ හරිද?''
ඔන්න ඔහොම සජීයි මායි අපි දෙන්නගෙම කුළුඳුල් ආදරේට මුල පිරුවා. ඒත් ඒ ආදරේ ඉතා ඉක්මනින්ම මගෙන් ඈත් වෙලා යයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.
''සජී පැටියො, හෙට අපි දෙන්නා මීට් වෙනවද...?''
සිකුරාදා දිනයක රාත්‍රියේ මම සජීට දුරකතනයෙන් පැවසුවෙමි.
''අනේ බබා හෙට නම් බැරි වෙයි. මගේ cousin අයියා කෙනෙක් හෙට Australia වල ඉඳල එනවා. ඉතින් මම ගෙදර ඉන්නම ඕනෙ''
එදා සජී පැවසූ විට එම පුද්ගලයා සජීව මගෙන් සදහටම උදුරාගන්න බවත් සජීගේ ජීවිතය ටික කාලෙකට හෝ අන්තිම නරකාදියකට ඇද දමන බවත් මම සිහිනයකින්වත් නොසිතුවෙමි.

* * * * * * * * * *

* * * * * * * * * * * *

* * * * * *
කතාවේ ඉතිරි කොටස් පහලින් කියවන්න