ඇය රසිකාවියකි. තදින්ම නැතත් ජීවිතයේ සතුට සොයා ගිය සමනලියකි. ජීවිතයේ මග වැරදුන දා හඬා වැටුනු මුවැත්තියකි. මේ ඇගේ කතාවයි. ඇයගේ පන්හිඳෙන් තබනා සතහන් ඔබට ගෙන එන්නේ මාය. කවදත් ඔබට ලියන - කසුන් -
ඇගේ කතාව ඇයගේ ආකාරයෙන්ම දිගහැරෙනු ඇත. තම දෙනෙත හැර දැකගන්න මේ ඔබේම සොහොයුරිය ලෙස සිතන්න.
5 වසරෙ ශිෂ්‍යත්වය සමත් වූ මා කොළඹ වූ ප්‍රධාන බාලිකා පාසලකට යාමට වරම් ලදිමි. පවුලේ එකම දැරිවිය වූ මා හට තිබුනු එකම බලාපොරොත්තුව කෙසේ හෝ ඉංජිනේරුවරියක් වී මවගේත් පියාගේත් බලාපොරොත්තු ඉටු කිරීමයි. ඒ ඉලක්කය ඔස්සේ ගමන් ගන්නා මා අවසානයේ සාමාන්‍ය පෙල කඩ ඉම අසලට පැමිණ සිටියෙමි. පාඩමට සිත යොමු කළ මා වෙන කිසිවක් ගැන නොතැකුවෙමි. මිතුරියන් ආලය පසුපස දුවද්දී මම හරි හතරැස් කාල රාමුවක් ඔස්සේ දිවගියෙමි. නිවස එකම නවාතැන කරගත් මා අන් තැනක් නවාතැන කරගන්නට බිය විමි.
සිතේ වුණු එකලාසයත් සමගම මා සාමාන්‍ය පෙල විභාගයට සූදානම් විමි. ජීවිතය විඳින්න ගත් යුගය මාහට මතකය. සතුටුන් සැහැල්ලුවෙන් සිටි ඒ යුගය මතක් වී හැඬූ වාර ගණනද අනන්තය. මිතුරියන්ගේ ඇසුරින් කතාබහින් සමහර ලිංගික කාර්යන් ගැන දැනගත්තෙමි. නමුත් ස්වයං වින්දනයකට සීමාවුණු එය කෙදිනකවත් මාගේ පාරිශුද්ධභාවය නැති කරගන්නා තරම් දුරට රැගෙන නොගියෙමි. යන්නට බියද වුණෙමි. කෙසේ හෝ පාඩම් කර සාමාන්‍ය පෙල සමත් වීම මාගේ එකම අභිප්‍රාය විය. විභාග දෙපාර්තමේන්තුව විභාගය සූදානම් කරද්දී මා සියලුම පාඩම් කොටස් මතකයේ තබා ගනිමින් මා ප්‍රශ්න පත්‍රය සමග මිත්‍ර වීමට උත්සාහ කළෙමි. මාගේ ප්‍රයත්නය සාර්ථක වූ බව දන්වමින් සාමාන්‍ය පෙල විභාගය අවසන් වී තෙමසක් යාමට මත්තෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් කඩසාසියක් එවා තිබුනේ පාසැලේ ඉහලම ප්‍රතිඵල අතරේ මගේ නමද රඳවමිනි. එදා මා හට මා නෙත් විශ්වාස කළ නොහැකි විය.
''හානේ නිශා...ඔයා school එකෙන්ම second. කෙල්ලෙ my congratulations......'' මා අසල සිටි මාගේ මිතුරිය වූ ශෂී මා බදාගෙන පැවසුවාය. ඇය ඇගේ පතිඵල වලටත් වඩා මාගේ ප්‍රතිඵල දැක සතුටු වූවා. හදවත අසලින්ම සිටි මිතුරිය ජීවිතයේ තවත් පැතිකඩක් පෙන්වා දේ යැයි මා කෙදිනකවත් නොසිතුවෙමි.
සාමාන්‍ය පෙලින් පසුව මා මාගේ ඉලක්කය කරා යෑම නැවතත් ඇරඹුවෙමි. ඒ සඳහා ගණිතය අංශයෙන් ඉගනීම ආරම්භ කළ මාහට ඇති වූ විශාලතම ගැටලුව වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපකාරක පංති සොයා ගැනීමයි. 6 වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගනීම් කටයුතු කළ මාහට නැවත සිංහල මාධ්‍යයෙන් කිරීම ඉතා අපහසු විය. ආඩම්බරයකට නොව සමහර වචන වල තේරුම සොයනවිට පත්‍රයේ කාලයෙන් අඩක් ගොස් හමාරය. එම නිසා මම ඉංග්‍රීසි මාධ්‍යම උසස් පෙලටත් යොදා ගත්තෙමි. අවසානයේ මිතුරියන්ගේ උපකාරයෙන් මා සංයුක්ත ගණිතය සඳහා පංතියක් සොයා ගත්තෙමි. හොඳම මිතුරිය වූ ශෂී සමගම මා පංතිය වෙත යන අතරම ඈ සමගම නිවස බලා එන්නෙමි. පංතියට ආ පළමු දිනයේ මිතුරිය අසලින් වාඩිවී දේශනය අසා සිටියෙමි. කාළය මදක් ගතවෙද්දී හදිසියේම ඇස් කොනකින් මා දුටුවේ යම් අයෙකු මා දෙස බලා සිටින බවය. එනිසා සෙමින් හැරී එදෙස බැලුවේ කවුරුන් දැයි දැනගැනීමටය. ඒ මුහුන දුටු විගස මාගේ මතකය අපේ නිවස පිහිටි ප්‍රදේශය වෙත ඉගිලෙන්නට විය. මාගේ නිවස අසලම පදිංචිව සිටින පිරිමි ළමයාම බව වටහා ගැනීමට තරම් මගේ ඇස් පෙනීම හොඳින් තිබුනි.
පංතිය අවසන් වී අපි නිවෙස් බලා යන්නට පිටත් වුණෙමු. මා මාගේ මිතුරිය සමග බස් රථයට නැගගත් විට අප පසුපසින් ආ පිරිමි ළමයාද බසයට ගොඩවිය. සෙමින් සෙමින් ඔහු අප අසලට ළඟා වී මා අසලින් සිටගත්තේ මා හා කතා කිරීමට බව මා පසක් කරගත්තෙමි. නමුත් කෙදිනකවත් පිට පිරිමියෙකු හා ළඟින් සිට කතා කර නොමැති වීම නිසා මම මදක් බියවිමි.
''ඔයා ඉන්නෙ......පාරෙම නේද?'' ඔහු හඬ අවදි කලේ මා කෙදිනකවත් ඔහු හා කතාවක් ආරම්භ නොකරයි කියා සිතුන නිසා වන්නට පුළුවන.
''ඔව්...'' මා දුන් කෙටි පිලිතුරෙන් ඔහු සෑහීමට පත් වූ බවක් ඔහුගේ මුහුනේ නොතිබින. තරමක නොසන්සුන් බවක් ඔහුගේ මුහුනේ වූ බව මාහට අදටත් මතකය. තරමක් සුදු පැහැ ගත් සමක් හිමි ඔහු කෙට්ටු සිරුරකටද උරුමකම් කීවේය. සිහින් ඇස් තරමක් දුරට ඔහුට අලංකාරයක් ලබාදී තිබුනද මාහට එකවරටම සිත දීමේ අවශ්‍යතාවයක් නොවුණි. ඔහු දෙවන පැනයටත් මුල පිරුවේ මා ඔහු හා දොඩමලු නොවන බව දුටු නිසාය.
''ඔයා English medium ද කරන්නෙ?''
''ඔව් නැත්තන් English medium class එන්නෙ නෑනෙ'
මං ඕනවට එපාවට පිලිතුරු දෙන බව දැනගත් ඔහු නැවත මා හා කතා කලේ බසය තවත් කිලෝමීටර දෙකක් විතර ගිය පසුය.
''මම අශේන්...ඔයා? අපි ගෙවල් ළඟ හිටියට තවම නම් වත් දන්නෙ නෑනෙ. එකම ක්ලාස් එකේ හංදා නමවත් කියන්න. එකම පාරෙනෙ යන්නෙ'' ඔහු කතා කළ ආකාරයට මට හිනා යන්න ආවද ආයාසයෙන් එය නවතා ගතිමි.
''මම නිශා...''
''නිශා......ලස්සන නමක්. එච්චරද?''
''වාසගමත් එක්කම ඕන නෑනෙ. කතාකරන්න දැනට ඒ ටික ඇති'' මම උපහාසාත්මක ආකාරයෙන් පවසා අසල හිස් වූ ආසනයේ අසුන් ගත්තෙමි.
මා වාඩිවූ නිසාවෙන් අපගේ සංවාදය එදිනට එතැනින් නිමා විය. මාගේ මිතුරිය අප අතර වූ සියළු දේ බලා සිටියාය. වැඩියමක් කතා නොකල ඈ පිටවීමේ දොර අසලට ගොස් මාහට අතක් වනා බැස ගියාය. මාද පෙරලා ඇයට අත වැනුවෙමි. එදින නිවසට යනතුරුම පසුපස නොබලා වේගයෙන් ගමන් කලෙමි. ඔහු මා පසුපසින් ආවද මා හට කිට්ටු නොවී දිගටම පරතරය තබා ගනිමින් ගමනේ යෙදුනේය. නිවෙස වෙත ආ මා කෙලින්ම නාන කාමරය වෙත ගොස් පිරිසිදු වී සුපුරුදු රාත්‍රී ඇඳුමට වතෙහි ඉඩ දී සාලය වෙත ගියේ මව්පියන් හා දොඩමලු වීමටය. කීමට බොහෝ දේ ඇත. සියල්ල පවසන තුරු මාහට ඉවසිල්ලක් නැත.
මාස කිහිපයක් එක දිගටම සංයුක්ත ගණිත පංති ඒම නිසාවෙන් අශේන් සමග සුළු හැඳුනුම්කමක් ගොඩනැගිනි. නමුත් තව කාළයක් යනවිට යාලුකමට එහා ගිය අන්දමේ කුඩා හැඟීමක් මා හදේ ගොඩනැගෙමින් තිබින. එයට කීමට නමක් නොතිබුනත් ආලය මා හදේ ඇතිවුන ප්‍රථම අවස්ථාව නිසාවෙන් බව මා හට දිවුරා කිව හැක. අශේන් ද පංතියේදී මා හට විශේෂ තැනක් දී තිබුන බව මා හට නොවැටහුනාම නොවේ. නිතරම මා දෙස බලමින් ඔහු ඇස් වලින් යමක් කීමට තනන බව දැනුනද එය කියවීමට තරම් මා හට ඇස් භාශාවට නිපුණතාවයක් නොතිබුණි. නමුත් ඒ ඇස් දෙක මිතුරු කමට නොවන බව නම් මා සහසුද්දෙන්ම දැන සිටියෙමි.
නිතරම මා හා සිටි මිතුරිය සති කීපයක සිට ප්‍රමාද වී පැමිණ ඉරිරියෙන් වාඩිවන බව දුටුවෙමි. මා ඇයට ඉඩ තබාගත්තද ඇය මා අසලින් වාඩි වුණේ එහෙමත් දවසකය. කීප දිනකට පසුව ඇයට උණ රෝගය වැළඳීම නිසාවෙන් පංතියට නොපැමිණියාය. එදින පංතිය අවසන් වී මා බස් රථයට ගොඩ වී සිටගත්තෙමි. අශේන් ද මා පසුපසින් පැමිණ බස් රථයට නැග මා අසලටම ආවේ මාස කීපයක හැඳුනුම්කම නිසාවෙනි.
''කෝ අද යාලුවා නැද්ද...?''
''නෑනෙ එයාට සනීප නෑලු...''
''ආ ඒකත් එහෙමද...''
''හ්ම්...''
''අද කොන්ඩෙ කඩාගෙන මොකද?...''
මා එදින සිටියේ මාගේ කොන්ඩයට කිසිම පටියක් නොදාය. කලවා අසලට පමණ මාගේ කෙස්වැටිය තිබුණි. ඔහු ඒ දෙස ආශාවෙන් බලා සිටිනවා මම දුටුවෙමි.
''මොකෝ කොන්ඩෙ දිහා බලාගෙන ඉන්නෙ?...'' මම ඇසුවේ ඔහුගේ දැහැන් බිඳිමිනි.
''ඔයා අද ගොඩක් ලස්සනයි නිශා ඇත්තමයි. කොන්ඩෙ ඔහොම කඩල තියෙනකොට ඔයා සුපර්'' ඔහු කියවගෙන ගියේ ලෝබකමකින් කියා මට හැඟුනි.
''ඔයාට කියන්න දෙයක් තියෙනව නිශා. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?'' ඔහු තරමක් බියෙන් මාගේ මුහුන දෙස මලාගෙනම ඇසුවේ මගෙන් සුභදායී පිලිතුරක් බලාපොරොත්තුවෙන් බව මම දැනගත්තෙමි.
''කියන්න....''
''මේ...මේ....මේ.....''

* * * * * * *

* * * * * * * * * * * *

කතාවේ ඉතිරිය මෙතනින් කියවන්න